අයි.එම්.එෆ් සාකච්චාවෙන් ස.ජ.බ පලායයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ශ්‍රි ලංකාවේ දේශපාලන පක්ෂ අතර සඳුදා පැවැත්වීමට නියමිත සාකච්චාවට සහභාගී නොවීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් පක්ෂයේ මතය නිල වශයෙන් දැනුම් දෙනු ඇති බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරටට පැමිණි අවස්ථාවලදී ඔවුන් විපක්ෂ නායකවරයා හමුවී සාකච්ඡා කරන ලද බවත්, ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහාය පළ කරමින් කැඳවන සාකච්ඡාවට සහභාගී වීමේ අපේක්ෂාවක් තම පක්ෂයට නැති බවත් හෙතෙම පවසයි.

මෙම සාකච්චාව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!