I.M.F ගිවිසුම වැඩි චන්දයෙන් සම්මතයි. ස.ජ.බෙ ෆවුසිත් ආණ්ඩුව සමග එක්ව චන්දය දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ එකඟතාවයට අදාළ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම අද (28) පස්වරුවේ පැවැත්වුණි. ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 123 ක් සහ විරුද්ධව ඡන්ද 25ක් හිමිවිය.

මෙහිදී දැකගත හැකිවූ විශේෂ සිදුවීම වනුයේ සමගි ජනබලවේග‍යේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ඒ. එච්.එම් ෆවුසී ගිවිසුමට පක්ෂව ආණ්ඩුව සමග ඡන්දය පාවිච්චි කිරිමය. එම පක්ෂයේ සෙසු මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැලකී සිටීහ.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාද පැමිණ ගිවිසුමට පක්ෂව ඡන්දය භාවිත කිරීමට පියවර ගෙන තිබිණ. ඉන් අනතුරුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව සම්මත වූ බවය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *