අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 31ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . ඌව පළාතෙන් පුද්ගල මරණ 18ක්, සබරගමුව පළාතෙන් 7ක්, මධ්‍යම පළාතෙන් 4 ක් සහ දකුණු සහ වයඹ පළාත්වලින් පුද්ගල මරණ එක බැගින් වාර්තා වන බව එම මධ්‍යස්ථානය වැඩි දුරටත් පවසයි .
දිස්ත්‍රික්ක 17ක පවුල් 1,158කට අයත් පුද්ගලයින් 4,008ක් ආපදාවට ලක්ව 14 දෙනෙකු අතුරුදන්ව ඇතැයිද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.
අවතැන් වූ ජනතාව මේ වන විට ආරක්ෂිත ස්ථානවල රඳවා ඇත