අයවැයෙන් පසු වාහන මිලට වෙනදේ මෙන්න

ඉදිරිපත්කිරීමට නියමිත නව අයවැය මගින් වාහන ආනයනයේදී දැනට ලබා දෙන 15% ක බදු වට්ටම ඉවත් කිරීමේ සූදානමක ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රසාද් මානගේ පැවසීය . යම් හෙයකින් එම වට්ටම ඉවටහ් කළහොත් එමගින් සියළුම වාහන මිල 15% ඉහළ යනු ඇතෛබව ඔහු පෙන්වා දෙයි .

වර්තමානයේ පවතින ක්‍රමය යටතේ, වාහනය ආනයනය කරන රටේ වෙබ් අඩවිවල වටිනාකම ගෙන, එම වටිනාකමෙන් සියලුම අදාළ බදු (තීරු බදු) අඩු කරනු ලබන අතර, ඊට අමතරව 15%ක වට්ටමක් ආනයනකරුවන්ට හිමි වේ. මේ හේතුවෙන් බදු සඳහා අය කරනු ලබන්නේ සමස්ත වටිනාකමින් 85% ක් සදහා පමණි.

කෙසේ වෙතත්, වාහන ආනයනකරුවන්ගේ සංගමයට ලැබී ඇති ආරංචි මාර්ග අනුව, මෙම 15%ක වට්ටම ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

“එහෙම කළොත් වාහන මත තව 15% එකතුවෙනවා. රැපියල් 100 ක වටිනාකමක් සඳහා මෙච්චර කාලෙකට අපි ගෙව්වේ රුපියල් 85 යි. හැබැයි දැන් ඉදිරියේදී ඒක 100ක් ගෙවන්න වන බවර ආරංචියක් තියෙනවා ” ඔහු පවසන්නේය.

ඒ අනුව මෙම බදු සංශෝධනය කිරීමේ වෙනස ක්‍රියාත්මක වුවහොත්, අයවැයෙන් පසුව සියලුම වාහන වර්ගයන්ගේ මිල ගණන් ඉහළ යෑමක් දැකගත හැකි වනු ඇතැයි ඔහු පවසයි

ඉතා ජනප්‍රිය ඇල්ටෝ, වැගන් ආර් වැනි කුඩා වාහනවල සිටම විශාල වාහන දක්වා සියලු වාහනවල මිල ඉහළ යෑමක් සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.