අයවැය සම්මතයි. ඒත් රොෂාන් රණසිංහ ආණ්ඩුවට එරෙහිව ඡන්දය දෙයි.

2024 අයවැය තුන්වන වර කියවීම වැඩි ඡන්ද 41 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 81ක් ලැබිණි.

අය වැය ඡන්ද විමසීමේදී සිදුවූ සුවිශේෂ කරුණ වනුයේ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අයවැයට එරෙහිව ඡන්දය දීමය. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ද ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

පාර්ලිමේන්තු රැස්වීම්වලින් මාසයකට අත්හිටුවා සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන තිදෙනාටද අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ලැබිණි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!