අමෙරිකාවේ බැංකුවක වෙඩි තැබීමකින් 5ක් මරුට

අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ ලුයිස්විල් නගරයේ බැංකුවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, තුවාල ලැබූ 8 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි.

පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලදී සැකකරු ද මියගොස් ඇති අතර ඔහු මීට පෙර එම බැංකුවේ සේවය කළ අයෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *