අමෙරිකාව කළ ලෝක කුසලාන පෙරළිය – පාකිස්තානයට අමිහිරි පරාජයක්

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් බවට අමෙරිකානු කණ්ඩායම පත්ව තිබෙනවා.

ඒ, පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තරගයෙන් ජය හිමි කර ගනිමින්.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 159ක් රැස් කළ අතර අමෙරිකානු කණ්ඩායම ද කඩුළු 03ක් දැවී ලකුණු 159ක් ලබාගැනීමට සමත් වුණා.

පසුව සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වු අතර එහිදී පළමුව පන්දුවට පහරදුන් අමෙරිකානු කණ්ඩායම නියමිත ලකුණු 18ක් රැස් කළ අතර පාකිස්තාන කණ්ඩායමට ලබාගත හැකිවුයේ ලකුණු 13ක් පමණයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!