අමෙරිකාව T-20 ලෝක කුසලානයේ මංගල ජයග්‍රහණය වාර්තා කරයි

T-20 ලෝක කුසලානයේ පළමු තරගයේ දී කඩුළු 07කින් කැනඩා කණ්ඩායම පරාජයට පත් කරමින්.ජය වාර්තා කිරීමට එක්සත් ජනපදය සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් ජනපදය පළමුවෙන් පන්දු රැකීම තෝරාගනු ලැබු අතර කැනඩා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 194ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී කැනඩා කණ්ඩායමේ Navneet Dhaliwal ලකුණු 61 ක් සහ Nicholas Kirton ලකුණු 51ක් ලබා ගත්තා.

එක්සත් ජනපද කණ්ඩායමපන්දුවාර 17යි පන්දු 04ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 197ක් ලබා ගනිමින් තරහයේ ජය වාර්තා කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!