අභ්‍යාවකාශ යුද්ධයක පෙරනිමිති

අභ්‍යවකාශ යුද්ධයක් වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ගෙන ආ යෝජනාවකට රුසියාව සිය නිශේධ බලය භාවිත කර තිබෙනවා.

මෙම යෝජනාව අමෙරිකා එක්සත් ජනපදය සහ ජපානය විසින් කෙටුම්පත් කරන ලද්දක්.

රුසියාව අභ්‍යවකාශය පදනම් කරගත්, චන්ද්‍රිකා නාශක න්‍යෂ්ටික අවියක් නිපදවන්නේ යැයි විශ්වාස කරන බව එක්සත් ජනපදය අනතුරු අඟවා තිබෙනවා.

ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් 13 දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නා.

රුසියානු හිතවාදි චීනය, යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර පවතින ගිවිසුමට තමන් ” තදින් කැප වී සිටින” බව රුසියාව පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!