වත්මන් ආණ්ඩුව භාරගන්නා විට රට තුළ ඩොලර් නොතිබූ අතර, ඩොලර් හිඟයක් මෙන්ම රුපියල් හිඟයක් ද පැවති බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන පවසයි .
අද (12) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, එලෙස ආර්ථිකය බිඳවැටී තිබූ රටක සිට අද වන විට භාණ්ඩාගාරය පිරවීමට රජය සමත් වී ඇති බවයි. මෙය තම රජයේ දෙවන අයවැය බව සිහිපත් කළ අමාත්‍යවරයා, රට භාර ගැනීමේදී පැවති අභියෝග පිළිබඳව අදහස් පළ කළා.
ඒ අතර මෙරට තිබුණ ආයෝජකයින් පැමිණ සියලුම ආයෝජන නැති කරමින් ආපසු හැරී ගිය බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ, වත්මන් ආණ්ඩුව රට භාර ගැනීමේදී තිබුණේ, මග නැවතුණු රටක් බවයි.
එලෙස නැවතුණු රටක සිට අද වන විට භාණ්ඩාගාරය පිරවීමට හැකි වී ඇති බවත්, මේ වන විට රට යම් මට්ටමකට ආර්ථික වශයෙන් ස්ථාවර වී ඇති බවත් ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කළා.
“අද බිලියන හයකට වඩා ඩොලර් තියෙනවා, අද රුපියල්වලින් තියෙනවා ට්‍රිලියනයකට වඩා.”යනුවෙන් පැවසූ අමාත්‍යවරයා මෙම සාර්ථකත්වය රජයේ කාර්යක්ෂමතාව සහ අවංකභාවය මත රඳා පවතින බව වැඩිදුරටත් අවධාරණය කළා.
භාණ්ඩාගාරය පිරවීමෙන් පමණක් නොනැවතී, ජනතාවට සහන සහ පහසුකම් ලබා දීම සඳහා ශක්තිමත් ආර්ථික අත්තිවාරමක් දමා ඇති බවද ඔහු පැවසීය .