”අපි පෙරළ‍යි අපි බොන්නේ ” ලාල් කාන්තගෙන් අළුත් සංකල්පයක්

“අපි වවලයි – අපි කන්නේ” සංකල්පය ඇති වුයේ අප දූපත් වාසීව සිටි සමයේ වන බවත් ඒ යුගයේ ගෝලීය කරණය, ජාත්‍යන්තර ගනුදෙනු සබඳතා නොතිබූ බවත්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පැවසීය .

ඒ අනුව “අපි පෙරළයි – අපි බොන්නේ” සංකල්පයට එකඟ විය හැකි වුවත් “අපි වවලයි – අපි කන්නේ” යන සංකල්පයෙන් බැහැර වීමට කාලය එළඹ ඇති බව ඔහු සඳහන් කළේය.
“අපි වවලුයි- අපි කන්නේ” යන සංකල්පයේ තව දුරටත් සිටින්නේ නම් මයිසූර් පරිප්පු වීමෙන්ම ඇපල් වැනි දේ පවා කෑමෙන් වැළකීමට අපට සිදුවනු ඇති බව ඔහු පැවසීය.

කෙසේ නමුත් වගා කරන කාරණයෙන් අපි බැහැර නොවීය යුතු බවත් 2028 වසරේ සිට සහල් පිට රටින් ගෙන්වීම සම්පුර්ණයෙන් නැවැත් වීමට රජය සැලසුම් කරන බවද ඔහු පැවසීය.

” ජලජ සම්පතෙන් සමෘද්ධිමත් හෙටක්” යන තේමාව යටතේ ධීවර, ජලජ සහ සාගර සමීපත් අමාත්‍යාංශය සංවිධානය කළ “ඇක්වා ප්ලැනට් ශ්‍රී ලංකා -2025” ප්‍රදර්ශනයේදී ඔහු මේ බව පැවැසීය.