“අපට විවාදය ගැන කතාවක් නෑ” – අනුර කුමාර දුන්න සැර පිළිතුර මෙන්න

විවාදය සඳහා මැයි 20 ට පෙර දිනයක් ලබා දෙන ලෙස සමගි ජනබලවේගට දන්වා සිටියත්, ඊට පසු දිනයක් ලබාදී තිබෙන නිසා මීට පසුව විවාදයක් පිළිබඳ කිසිදු කතාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා යැයි ජාතික පුවත්පතක් අද (20) වාර්තා කර තිබුණා.

සමගි ජනබලවේගයේ ආර්ථීක කමිටුවේ විවාදය සඳහා මෙම මස 27 වැනිදා සිට 31 වැනිදා අතර දිනයක් සහ පක්ෂ නායකයන් අතර විවාදය සඳහා ජුනි 3 වැනිදා සිට 7 වැනිදා අතර දිනයක් ද ලබා දී තිබෙනවා.

සමගි ජනබලවේගය විවාදය මගහැරීමේ චේතනාවෙන් එම දින ලබා දී ඇතැයි අනුර කුමාර පෙන්වාදුන් බව එහි සඳහන්.

ඒ නිසා මින් පසු විවාදය යන මාතෘකාව නොසලකා හරින බවත් ජනතාවගේ ප්‍රශ්නවලට අවධානය යොමු කරමින් ඒවා විසඳීමට අවධානය යොමු කරන බවත් දිසානායක මහතා පවසා තිබෙනවා.

ඇත්ත දේශපාලන කරුණු යට යැවීමට බොරු දේශපාලන සංවාද ගොඩනැගීමට සමඟි ජන බලවේගය උත්සාහ දරන බවත් එම නිසා නිශ්චිත වශයෙන්ම මින් පසු විවාදය යන මාතෘකා කරළියට ගෙන ඒම තේරුම් නොමැති බවත් දිසානායක මහතා සඳහන් කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පැවසා ඇත්තේ ආර්ථික කමිටුව සමග විවාදයට ජාතික ජනබලවේගය සහභාගී වනවා ද නැද්ද පිළිබඳ ඉදිරියේදී තීරණය කරන බවයි.