අනවසර විදුලි රැහැන් නිසා දෙදෙනෙක් මරුට.

අනවසර විදුලි රැහැන්වල ගැටීමෙන් ඊයේ දිනය තුළ පුද්ගල මරණ දෙකක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි . කුච්චවේලි සහ රස්නායකපුර පොලිස් බල ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත

කුච්චවේලි පොලිස් බල ප්‍රදේශයේ, පල්ලිමුනෙයි ප්‍රදේශයේදී නිවසක නීති විරෝධීව ඇද තිබූ විදුලි රැහනක පැටලී සිටි තම එළුවා බේරාගන්නට ගිය 16 හැවිරිදි පිරිමි ළමයෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති ඇත .

රස්නායකපුර පොලිස් බල ප්‍රදේශයට අදාල සිදුවීමේදී තලකොලවැව ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් 75 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත. පොලිස් පරීක්ෂණවලට අනුව, එම පුද්ගලයා තම වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා තමා විසින්ම සවිකරන ලද නීතිවිරෝධී විදුලි රැහැනක ගැටීමෙන් මියගොස් ඇත . මියගිය පුද්ගලයා රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .