අධිකරණ සංඝනායක හාමුරුවෝ එලවන්න ඕන. – වනවාසී රාහුල හිමියෝ පෙරට වඩී

ශාසනය වනසන භික්ෂුන්ට එරෙහිව විනය පියවරක්වත් ගන්න බැරි මෙරට බුරුතු පිටින් සිටින අධිකරණ සංඝනායක හිමිවරු වහාම පදවි අත්හළ යුතුයැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හිමියෝ පවසති.

එසේම බෝමිරියේ සිදුවීමට අදාළ භික්ෂුව කුමන නිකායක කුමන පාර්ශවයකදැයි කියා සොයා බලා ශාසනයට කැළලක් ඇතිකළ එම හිමියන්ට එරෙහිව පියවර ගැනිමට අදාළ සංඝ පාර්ශවයට බලකළ යුතුයැයිද උන් වහන්සේ පවසති.

අපේ රටේ හැම නිකාය හා පාර්ශවයකින්ම පත්කළ අධිකරණ සංඝනායක පදවි දරණ හිමිවරුන් රොතු පිටින් සිටියත් උන් වහන්සේලාට අඩුම තරමේ සාම විනිසුරු පදවියකින්වත් කළ හැකි දෙයක්වත් කළ නොහැකි බවත් උන් වහන්සේ කියති.උත්සවලදි අලංකාර ලෙස කියවීමට හා උන් වහන්සේලා අපවත්වු පසු බැනර් ගැසීමට පමණක් මෙම සංඝනායක පදවි යොදාගන්නා බවත් වනවාසි රාහුල හිමියෝ කියති.
පසුගිය කාලය පුරාම සසුන කෙළසන ක්‍රියා අනන්තවත් සිදුවුණත් මහනායක හිමිවරුන් තවත් නිදිකිරා වැටෙමින් සිටින බවත් අඩුම තරමේ වචනයක්වත් ඒ ගැන නොදොඩා සිටීම පුදුම සහගත ලෙස කනගාටුවට කරුණක් බවත් රාහුල හිමියෝ කියති.
වැරදි කරන භික්ෂුවක් සම්බන්ධයෙන් යම්කිසි පියවරක් ගැනිමට උන් වහන්සේලාට බලයක් නැත්නම් රජය සමග සාකච්ජා කර එම බලය ලබා ගැනිමට සංඝ සභා පියවර ගතයුතු වුවත් එවන් පියවරක්වත් ගන්නා බවක්වත් නොපෙනෙන බවත් රාහුල හිමියෝ කියති.

මේ අන්දමින් අවසානයේදි සිදුවන්නේ භික්ෂුවකට අඩුම තරමේ බසයකවත් යාමට නොහැකි තත්වයක් උදාවිම යැයිද රාහුල හිමියෝ කියති.අවශ්‍ය අවස්ථාවේදි අවශ්‍ය පියවර නොගත් මහනාහ්මිවරුන් හා සංඝනායක හිමිවරු ඊට සම්පුර්ණයෙන්ම වගකිව යුතුයැයිද වනවාසි රාහුල හිමියෝ කියති

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *