අධික උණුසුමෙන් බේරෙන්න පාසල් සිසුන්ට මාර්ගෝපදේශ මාලාවක්

අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම දිනවල පාසල් සිසුන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
අධික උෂ්ණත්වයයන් සහිත කාලගුණික තත්ත්වයන් පවතින අවස්ථාවල දී අහිතකර ප්‍රතිඵල ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

පාසල් ක්‍රියාකාරකම්වල නිරත වීමේ දී අධික උෂ්ණත්වය පවතින දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකීම, විවේක කාලයේ දී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් දරුව්න් වළක්වා ගත යුතු බව ද දැනුම් දෙයි.

වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම සහ වැඩිපුර ජලය පානය වඩාත් සුදුසු බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

උෂ්ණත්වය අධික දිනවල නිවාසාන්තර ක්‍රීඩා හා පුහුණුවීම් නැවැත්විය යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසට පාසල් ප්‍රධානීන් වෙත ද උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *