දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටවයි (Update)

ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා.

………………………………………

අද මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති චන්දන ලාල් මහතා පවසන්නේ, තවත් වෘත්තීය සමිති කිහිපයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වීමට නියමිත් බවයි.

ඒ අනුව දුම්රිය රියදුරු සංගමය දුම්රිය නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය මෙම වැඩ වර්ජනයට එක්වන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!