අද පස්වරුවේ සියලු දුම්රිය අවලංගු වෙයිද ?

අද (07) පස්වරුවේ ධාවනය වන සියලු දුම්රිය අවලංගු වීමට ඉඩ ඇති බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා.

ඒ,ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමගයි.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී තිබෙනවා.

දුම්රිය ධාවනාගාර 5න් දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්වී සිටින නිසා බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන අතර වර්ජනය හේතුවෙන් උදෑසන ධාවනය වන කාර්යාල දුම්රියවලට වැඩි බලපෑමක් එල්ල වුණේ නැහැ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!