අද ජල සැපයුම අත්හිටුවන කොළඹ ඇතුළු ප්‍රදේශ මෙන්න

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් සහ ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (29) දිනයේ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව,කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබුණේ.

මොරටුව මහනගර සභා බල ප්‍රදේශයට අඩුපීඩන තත්ත්වය යටතේ ජලය සැපයෙනු ඇති.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!