දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අද (09) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
13 වන සංශෝධනය ශක්තිමත් කිරීමට ගෙන ආ යුතු අදාළ අණ පනත් ගැන ද පොලිස් බලතල හැර අනෙකුත් බලතල බෙදා හැරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙම ප්රකාශයේදී කරුණු පැහැදිලි කරනු ඇත.
ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් රජය විසින් ක්‍රියාත්මක කරන සහ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් දැනුම්වත් කරන සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) පැවැත්වුණු අතර, එහිදී පක්ෂ නායකයන්ගේ අදහස් ඉදිරිපත් කෙරිණි.
උතුරු නැඟෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළව හොඳම යෝජනාවලිය තමා ඉදිරිපත් කරන බවත් එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට පෙර අවධාරණය කළේය.