වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ පත්කර ඇත . ඔහු ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ වැඩබලන අගා විනිසුරු ලෙස අද දිවුරුම් දුන්නේය .
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විදේශගත වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කරනු ලැබ තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද මෙම අවස්ථාවට එක්ව සිටියේය.