තලංගම අකුරේගොඩ ප්රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ තුවක්කුකරුවන් විසින් භාවිත කරන ලද බවට සැක කෙරෙන මෝටර් රථය සොයාගෙන තිබේ . එම මෝටර් රථය ගාල්ල අගලිය කුට්ටියාවත්ත ප්රදේශයේ ප්රවේශ මාර්ගයක ගිනිතබා දමා තිබීයදී සොයාගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි .
මියගිය නීතිඥවරයා මීට පෙර ‘කරන්දෙණිය සුද්දා’ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට පසුව ඔහුගේ ප්රධාන ප්රතිවාදියා වන ‘ලොකු පැටී’ ලෙස හඳුන්වන පාතාල කල්ලි සාමාජිකයකු වෙනුවෙන් පෙනී සිටි බව මීට පෙර අනාවරණ විය.
ඒ අනුව මෙම ද්විත්ව ඝාතනය මෙහෙයවා ඇත්තේ දැනට විදේශගතව සැඟවී සිටින පාතාල කල්ලි සාමාජිකයකු වන ජයලත් සිල්වා හෙවත් ‘කරන්දෙණිය සුද්දා’ විසින් බවට පොලිසිය සැක කරයි.