අකුණක් නිසා රටම කළුවරේ තැබුවාට ලං.වී.ම වරද පිළිගනී

අකුණු සැර වැදීමකදී රටපුරා විදුලිය විසන්ධි වීම වැළැක්වීම සඳහා කල්තියා පියවර නොගත් බව ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරියෙක් පැවසීය.

පසුගියදා සිදුවූ අකුණු සැර වැදීමෙන් කොත්මලේ – බියගම ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගය ක්‍රියා විරහිත වීමෙන් සමඟ රටම විදුලිය විසන්ධි විය.

ව්ව් පිළිබඳව අදහස් දක්වමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUC) සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මාධ්‍යට පැවසුවේ විදුලිබල මණ්ඩලය එවැනි අනතුරක් වැළැක්වීමට පියවර නොගැනීමේ වරද පිළිගත් බවයි.

කෙසේ වෙතත්, අකුණු මඟින් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා උසස් ක්‍රමවේද ස්ථාපනය කිරීමට විදුලිබල මණ්ඩලයට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව ඔහු පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!