ජපානයේ අවුරුදු 5ත් 7ත් අතර පාවිච්චි කර ඇති හයිබ්‍රිඩ් වාහන ලංකාවට ආනයනය කිරීමට අවසර ලබා දෙන්නේ නම් ඉතාමත් අඩු මිලකට ලංකාවේ පාරිභෝගිකයින්ට වාහනයක් මිලදී ගැනීමට හැකියාව ලැබෙන බව ජපානයේ වාහන අපනයනකරුවෝ පවසති.
අලුත් හයිබ්‍රිඩ් වාහනයක මිලෙන් සියයට 50කට වඩා අඩු මිලකට මෙම වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙන බවත්, එමගින් රජයට ලැබෙන තීරු බද්දේ කිසිදු වෙනසක් සිදු නොවන බවත් ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාර කවුන්සිලයේ සභාපති ජගත් රාමනායක පැවසුවේය.
ජපානයෙන් වාහන අපනයනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසුවේය.
“පෙබරවාරි 1 වැනිදා සිට වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙන බව රජය විසින් පවසා තිබෙනවා. මෙම රජය විසින් මෙම තීරණය ගැනීම ගැන සතුටුයි.
අපි අපනයනකරුවන් විදියට ලංකාවේ ආනයනකරුවන් සමග සාකච්ඡා කරලා ඉක්මනින් මෙය විවෘත කරගැනීමට කටයතු කළ යුතු යැයි කතා කළා. මම ලෝකයේ ර්වල් 35කට වාහන අපනයනය කරනවා. අප්‍රිකාවේ රටවල් අවුරුදු දෙක තුනකින් වාහන ආනයනය ආරම්භ කළා
සමහර රටවල තීරු බදු අඩු කළා. බිංදුවට අරගෙන ආවා.”