යෝෂිතගේ මිතුරන් හතරක් පොලීසියට භාරවේ – පොලිස් ලොක්කන්ගේත් විශේෂ අවධානයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සමග පැමිණ කොළඹ සමාජ ශාලාවක ගැටුමක් ඇති කරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙක් පොලීසියට භාරවී තිබේ.

මෙසේ භාරවූ පුද්ගලයින් සිව් දෙනා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

මෙසේ භාරවූ පුද්ගලයින් සම්බන්ධයෙන් වන විමර්ශණ කටයුතු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කිරීමට නියමිතව තිබේ. මෙසේ භාරවූ සැකකරුවන් සිව් දෙනා අද දිනයේදී රදවාගෙන ප්‍රශ්ණ කිරීමට නියමිත බවද පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.

මෙම පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ගේ දැඩි අවධානය යොමුව තිබෙන බවද අනාවරණය වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිද ඊයේ දිනයේදී කොම්පඤ්ඤවීදිය පොලීසියට පැමිණ ප්‍රකාශයක් සටහන් කර තිබුණි. ඔහුගෙන් පැය ගණනාවක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණේය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්වූ සී.සී.ටී.වී. දර්ශනවල යෝෂිත රාජපක්ෂ ගැටුමට සම්බන්ධ වන ආකාරයක් සදහන් වන්නේ නැති බවද පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.