අධිකරණ ඇමති රනිල් හිඟන්නෙක් කීවේ ‘ප්‍රේමදාස දුන්න ඉඩමක’ පදිංචි වෙලා ඉන්න ගමන් ද?

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිගන්නෙක් යැයි පැවසීමත් සමග ඔහු පදිංචිව සිටින නිවස ගැන විශාල ආන්දෝලනයක් ඇතිවුනේය. ප්‍රේමදාස ලබාදුන් නිවසක සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ නායකයාට හිගන්නෙක් යැයි කීම විවේචනයට ලක්විය.

ගල්බිස්ස ටෙම්ප්ල්ස් පාරේ පිහිටි කලා පුරයේ නිවසක හර්ෂන නානායක්කාර ඇමැතිවරයා පදිංචිව සිටින බව පැවසේ.

කලාපුරයේ නිවාස ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ලබා නොදුන් බවත්, කලාකරුවන්ට ඉඩම් කෑල්ලක් දී එය කලාපුරය ලෙස නම් කිරීම කළ බවත් මාධ්‍යවේදියෙක් ලෙස කාලයක් ලංකාවේ කටයුතු කළ උවිදු කුලකුලසූරිය ෆේස්බුක් සටහනක් යොදා පවසා තිබේ. හර්ෂණ නානායක්කාරගේ පියා වන යසපාලිත නානායක්කාරට ලැබුණේ එම ඉඩමක් බවත් උවිදු සදහන් කර තිබුණේය.

එයට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ෆේස්බුක් කමෙන්ටුවක් ලෙස සදහන් කර තිබුණේ ඉඩම ලැබුණේ ඔහුගේ සහෝදරයාට වන බවය. ගෙදර හැදුවේ තමන්ගේ මව බවද ඔහු සදහන් කර තිබේ.