අද සිට දිගටම විදුලිය

අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

ඒ, අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට යළි එක්කිරීමට හැකිවී තිබීම නිසයි.