මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං නුවර දී අද (19) පැවැත්විණි.
මිනිස් ධාවකයින් සමග මෙම තරගයට රොබෝවරු 21ක් තරගවැඳී ඇත.
මෙම අර්ධ මැරතන් ධාවන තරගයමානවරූපී රොබෝවරුන්ගේ විශ්වසනීයත්වය, කල්පැවැත්ම සහ ආරක්ෂාව වැනි පුළුල් හැකියා සඳහා සිදුකළ පරීක්ෂණයක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දී තිබේ.