කුරුළු උණ නිසා මියගිය ලොව පළමු මරණය මෙක්සිකෝවෙන්

මෙක්සිකෝවේ පුද්ගලයෙක් කුරුළු උණ හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු පසුගිය අප්‍රේල් මාසයේදී මියගොස් ඇති බවත් , වැළඳී ඇත්තේ කුරුළු උණ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

කුරුළු උණ හේතුවෙන් ලොව වාර්තා වූ පළමු පුද්ගල මරණය මෙය වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

59 හැවිරිදි එම පුද්ගලයා වෛරසයට නිරාවරණය වූයේ කෙසේද යන්න මෙතෙක් හෙළිවී නැහැ.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කුරුළු උණ වෛරසය මිනිසාට වැළඳීමේ හැකියාව ඉතා අඩු බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!