ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල සේවය කිරීම සදහා කාන්තා කොන්දොස්තරවරියන් බදවා ගැනීමට නියමිත අතර ඔවුන්ට ගුවන් සේවිකාවන්ට ලබාදෙන ආකාරයේ ඉහළ ප්රමිතියකින් යුත් නිල ඇදුමක් හදුන්වාදීමටත් නියමිතව තිබේ.
ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සදහා කාන්තා කොන්දොස්තරියන් සහ කාන්තා රියදුරන් බදවා ගැනීමට තීරණය කර ඇති බව ප්රවාහන ඇමැති බිමල් රත්නායක සදහන් කරයි. ඒ අනුව කාන්තා රියදුරන් 450ක් සහ කොන්දොස්තරවරියන් 300ක් බදවා ගැනීම සදහා වන සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ආරම්භයේදී කොළඹ දිස්ත්රික්කයේ ක්රියාත්මක වන පාසල් බස් රථ සදහා මොවුන් අනුයුක්ත කිරීමට නියමිතව ඇත. ඉන් පසුව එම සේවය තවදුරටත් පුළුල් කෙරෙනු ඇත.
කාන්තා රියදුරන්ගේ හා කොන්දොස්තරවරියන්ගේ ආරක්ෂාව සහතික කිරීමටත්, ඔවුන්ගේ සනීපාරක්ෂක පහසුකම් සදහාත් ඩිපෝවල අදාල පහසුකම් වැඩි දියුණු කිරීමටත් නියමිතව තිබේ.