අසත්‍ය සහ ව්‍යාජ තොරතුරක් – විජයදාස බැසිල්ව හමුවී නෑ

විජයදාස සහ බැසිල් අතර සාකච්ඡාවක්’ යනුවෙන් වෙබ් අඩවියක පළවූ පුවත මුළුමනින්ම අසත්‍ය සහ ව්‍යාජ තොරතුරක් බවද එවැනි අසත්‍ය තොරතුරක් ප්‍රචාරය කිරීම පිළිකුල් සහගතව හෙලා දකින බවද ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය සඳහන් කරනවා.

ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ විජයදස රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් සිදුවූ බවටත් ‍ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්වීම සඳහා කැමැත්ත පළකර ඇති බවටත් එම වෙබ් අඩවිය ප්‍රචාරය කර ඇති බවයි.

එම නිවේදනය මෙසේයි.