ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය ලැබෙන්නේ කාටද?

පක්ෂයේ දේශපාලන තීන්දු ගැනීම පක්ෂ මධ්‍යම කාරක සභාව ඇතුළු පක්ෂයේ සෙසු කාරක සභා මගින් පමණක් තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (04) වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරුවරයා ලබන 18 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම වාරණ නියෝගය නිකුත් කර තිබුණා

කෙසේවෙතත් අධිකරණ ක්‍රියාවලිය තුළ නීතිමය පැහැදිලි කිරීමක් මගින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළද පක්ෂයේ දේශපාලන ඉදිරි තීන්දු තීරණ පක්ෂයේ කාරක සභාවන් විසින් ගනු ඇති බව පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!