කොදෙව් කාන්තා ක්‍රිකට් පිල ලංකාවට

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි සංචාරයක් සඳහා අද(04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහ පුහුණුකරුවන් 07 දෙනෙකු ඇතුළත් වී සිටියා.

එහිදී ඔවුන් එළඹෙන 15, 18 සහ 21 යන දිනවල පැවැත්වෙන එක් දින සීමිත ඕවර් තරග තුනක් සඳහා සහභාගී වීමට නියමිත අතර එම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තවත් විස්සයි විස්ස තරග 03 ක් එළඹෙන 24 , 26 සහ 28 දින වල පැවැත්වීමට නියමිත අතර ඒ සඳහාද මෙම බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!