අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් පෙනී සිටින නීතීඥයින්ගෙන් ප්‍රකාශ ලබාගැනීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව ගත් උත්සාහයකට නීතීඥයින් බරපතල විරෝධය ප්‍රකාශ කර තිබේ.
මාර්ග වැරදි සම්බන්ධයෙන් නීතිමය කටයුතු නොකර සිටීමට අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙක්ට එරෙහිව විමර්ශන කටයුතු සිදුවන අතර එම නිලධාරියා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින් මේ ආකාරයට අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසන් සභාවට කැදවා තිබේ. එයට බරපතල විරෝධය දැක්වූ නීතීඥසින් අල්ලස් නකොමිසමේ කැදවීම නොතකා හරිමින් කටයුතු කර ඇත.
මෙසේ සිය සේවා දායකයා ලබාදෙන තොරතරු සම්බන්ධයෙන් නීතීඥයින්ට පවතින මුක්තිය අභියෝගයට ලක් කළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂනස් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය කටයුතු කරමින් සිටී. ඒ අනුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාව රැස්වී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව කටයුතු කිරීම සදහා වන යෝජනාවක් සම්මත කරගෙන ඉදිරි පියවර ගැනීමටද නීතීඥයෝ සූදානමින් සිටී