විදුලි යතුරුපැදි ශ්‍රී ලංකාවේ එකලස් කිරීමට චීන ශ්‍රී ලංකා තාක්ෂණික හුවමාරුවක් අාරම්භ කර තිබේ.
චීනයේ සීජින් සුබු ආයතනය ශ්‍රී ලංකාවේ හොරණ දී ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් සඳහා නවතම කර්මාන්තශාලාවක් ආරම්භ කර ඇත. ඔවුන් විසින් නිපදවූ සුබූ ඉලෙට්‍රික් යතුරුපැදිය පසුගියදා කොළඹදී හදුන්වා දුන්නේය.
මෙම හඳුන්වා දෙන නවතම යතුරු පැදිසමඟ කාගෝ ත්‍රීවිල්ද ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලාවේ එකලස් කිරීම ආරම්භ කරන අතර එම ත්‍රීරෝද රථ ඉල්ලුම් කර ඇති කාම්බෝජයට යැවීමටද නියමිතය.
චීනයේ ඉංජිනේරුවන් මෙම කර්මාන්ත ශාලාවේ සියලු තාක්ෂණික කටයුතු මෙහෙයවන අතර මෙම යතුරු පැදි සහ තීරෝද රථ එකලැස් කරන තාක්ෂණික හුවමාරුවක් බවට ශ්‍රී ලංකාව පත්වේ.
මෙම අවස්ථාවට සීජින් සුභූ ආයතනයේ උසස් නිලධාරින් මෙම අවස්ථාවට එක් වූ අතර ශ්‍රී ලංකාවේ නියෝජිතයෙන්ද එක්ව සිටියහ.