විදුලි රැහැනක පැටලී අවසන් ගමන් ගිය අම්මයි පුංචි පුතයි

යාබද නිවසේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් සූරියවැව වීරිය ගම ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් හා ඇයගේ පස් හැවරදි පුත්‍රයා මියගොස් තිබූ බව සූරියවැව පොලිසිය පවසයි.

මියගිය දරුවා කුඩා දරුවන් භාවිතා කරන පාපැදියකින් ඔහු පදිංචිව සිටි නිවස ආසන්නයේ ඇති නිවසට යමින් සිටියදී අනවසර විදුලි රැහැනේ පැටලී ඇති බවත් තම පුත්‍රයා මුදවා ගැනීමට එම ස්ථානයට දිවගිය මවටද විදුලිසැර වැදී ඇති බවත් පොලිසිය කියයි.

විදුලිසැර වැදීමෙන් මව හා පුත්‍රයා එම ස්ථානයේම මියගොස් තිබුණි.මියගොස් තිබුනේ 38 හැවිරිදි මවක් හා 05 හැවිරිදි ඇයගේ පුත්‍රයා ය.

සිද්ධිය සම්බන්ධයෙන් සූරිය වැව පොලිසිය පරීක්ෂණ පවත්වයි.