වෝඩ් පෙදෙසේ ඝාතනයට අදාළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කුරුඳුවත්ත වෝඩ් පෙදෙසේ දී පසුගිය 23 වැනිදා ත්‍රිරෝද රථයක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (26) ග්‍රෑන්ඩ්පාස්, සමගි මාවත ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සැකකරුවන් 35 හා 48 යන වයස්වල පසු වන ගෝනවිල හා ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළා.

එම අවස්ථාවේ එක් සැකකරුවෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 යි මිලි ග්‍රෑම් 200ක් සොයාගෙන තිබෙනවා.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!