වාහන ආනයනය සදහා අවසර ලබාදීමෙන් පසුව මෙරටට ගෙන්වන පළමු වාහන තොගය පෙබරවාරි 25ත් 27ත් ලගාවනු ඇතැයි වාහන ආනයනයකරුවෝ පවසති.
දෙවැනි සහ තුන්වැනි වාහන ආනයනය තොග මාර්තු මාසයේ මැදදී ලගාවනු ඇතැයිද ආනයනකරුවෝ සහතික වෙයි. මේ නිසා වාහන මිලදී ගැනිමට අපේක්ෂාවෙන් පසුව පිරිස් කලබලයට පත් නොවිය යුතු බවද, මාර්තු මාසයේ මැද සිට වාහන අලෙවිසැල්වලට ගොස් පරීක්ෂා කර බලා වාහන මිලදී ගැනීමට හැකියාව ලැබෙන බවද ආනයනකරුවෝ සදහන් කරති.
ඒ අනුව රුපියල් ලක්ෂ 60 සිට ආනයනය කරනු ලබන වාහන මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ. ජපන් ඇල්ටෝ රථයක් සහ වැගන් ආර් රථයක් ලක්ෂ හැටත් හැට පහත් අතර මිලක සිට මිලදී ගැනිමට අවස්ථාව හිමිවන බව වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ සදහන් කරයි.
ටොයෝටා යාරිස් රථයක් ලක්ෂ 65 සිට මිලදී ගැනිමට හැකියාව ලැබෙනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය.
නව වාහන වෙළද පොළට ලැබීමත් සමගින් මේ වන විට රට තුළ ඇති පාවිච්චි කළ වාහනවල මිල ගණන් සියයට 25කින් පහළ යනු ඇතැයිද වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේය.