ලංකාවට එන වාහන ගන්නේ පරිස්සමෙන් – මෙන්න නිෂ්පාදිත කාලයට බොරු දමන ජාවාරම(VIDEO)

වාහන ආනයනය සඳහා අවසරය ලබාදීමේදී රජය විසින් රෙගුලාසි පනවා ඇත්තේ වසර තුනක් ඇතුළතදී නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය කළයුතු බවය. කෙසේ නමුත්, ජපානයේ නිෂ්පාදනය කරන ලද වාහනවල නිෂ්පාදිත මාසය සඳහන් නොකරන බැවින්, නිෂ්පාදිත මාසය 2023 වසරේ ජනවාරි මස 15 වැනිදායින් පසු ලෙස සලකා වාහන ආනයනය කරන ලෙසද රජය රෙගුලාසි පනවා තිබේ.

එවැනි තත්ත්වයක් තිබියදීත් එක්තරා සමාගමක් විසින් 2022 වසරේ නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය කිරීමේ සූදානමක් පවතින බවට ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඇසෝසියේෂන් ඉන් ජැපෑන් (Sri Lanka Automobile Association in Japan (SLAAJ) විසින් මෙරට ආනයනය අපනයන පාලක ජනරාල්වරයාටද ලිඛිතව දැනුම්දී ඇත.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.