අගෝස්තුවේ සිට වාහන ආනයනයට අවසර

වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

එසේම වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් අගෝස්තු මාසය වන විට රජයේ ස්ථාවරය සහ අදියර වශයෙන් වාහන ආනයන සීමා ඉවත් කරන්නේ කෙසේද යන්නත් දැනුම් දෙන බවයි රාජ්‍ය අමාන්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.