එන ඡන්දෙට වාසූ නෑ -කොයි මේ වාසූ ?

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරයා තහවුරු කර ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කරනවා.

ඔහු නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයට තරුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිම පිළිබඳව පක්ෂයේ සාකච්ඡාවක් මතුව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

නිරෝෂන් ප්‍රේමරත්නට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලබාදී තිබුණේ ජන අංශයේ නායකත්වය පමණක් බවද නමුත් ඔහු පක්ෂ නායකයා ලෙස වැරැදි ප්‍රකාශයක් රටට කළ බවද එම පක්‍ෂයේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා තවදුරටත් පක්ෂ නායකත්වයේ කටයුතු කරන බවද පක්ෂ නියෝජ්‍ය ලේකම්වරයා පවසා තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය වෙනස් කිරීමට කිසිදු තීරණයක් මෑත කාලයේ ගෙන නැති බවද එම පක්‍ෂයේ නියෝජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

ජනක රත්නායකට එළැඹෙන ජනාධිපතිවරණයේ දී උදවු කිරීමට පක්‍ෂයෙන් තීරණයක් නොගෙන ඇති බවත් ඒ මහතා පවසා තිබෙනවා.