වනිඳු හසරංගට ලක්ෂ 11ක දඩයක් -වැඩි විස්තර මෙන්න

LPL තරගාවලියේදී නීති විරෝධී ලෙස ඇඳුම් ආයිත්තම් භාවිත කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා විස්සයි විස්ස සහ කැන්ඩි ෆැල්කන්ස් කණඩායමේ නායක වනිඳු හසරංගට අමෙරිකානු ඩොලර් 3600ක දඩයක් නියම කිරීමට තරග කමිටුව විසින් තීරණය කර තිබෙනවා .

එම මුදල ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 11ක් බවයි සඳහන් වන්නේ.

මෙම දඩ මුදල වනිඳු හසරංගට මෙවර තරගාවලියේදී ලැබෙන තරග ගාස්තුවෙන් අය කිරීමටයි නියෝග කර ඇත්තේ.

මෙම තරගාවලියට සහභාගී වන සියලු ක්‍රීඩකයන්ට ඒ ඒ කණ්ඩායමට අයත් වර්ණවලින් සමන්විත ඇඳුම්,උපකරණ ලබාදී තිබියදී වනිඳු හසරංග වෙනස් ලාංඡනයක් සහිත “හෙල්මටයක් ” පැළඳ ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිස තිබෙනවා .

එහිදී අයර්ලන්ත ජාතික විනිසුරු රොලී බ්ලැක් එය ගලවා ඉවත් කරන ලෙසට ඔහුට දැනුම් දී තිබුණත් ,විනිසුරුවරයාගේ තීරණයට අවනත නොවීම හේතුවෙන් මෙම දඬුවම වනිඳුට හිමිව තිබෙනවා .

කැන්ඩි ෆැල්කන්ස් හා කලම්බු ස්ට්‍රකර්ස් තරගයෙන් අනතුරුව ප්‍රධාන විනිසුරු කළ පැමිණිල්ලකට අනුව තරග තීරක ග්‍රේම් ලැබ්රෝයි විසින් එම දඬුවම නිල වශයෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට දැනුම් දී තිබෙනවා .

මෙම සිදුවීම හේතුවෙන් LPL තරගාවලියේ සියලු ක්‍රීඩකයන් වෙත තරග කමියුව දැනුම් දී ඇත්තේ කිසිදු අයුරකින් තමන්ට අයත් නොවන ඇඳුම් ආයිත්තම් භාවිත කිරීමෙන් වලකින ලෙසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!