වැලන්ටයින් සමරන්න කලින් පොලිසියෙන් දැනුම් දීමක්(VIDEO)

ලොව පුරා සිටින පෙම්වතුන් සමරණ ආදරණීය දිනයක් වන ආදරවන්තයින්ගේ දිනය ලෙස පෙබරවාරි මස 14 හඳුන්වනු ලබනවා.

වර්තමානය වන විට මෙම දිනය හුදෙක් ආදරය ස්මරණය කරන දිනයක් පමණක් නොව බොහෝ සමාජ විරෝධී ක්‍රියාවන් සිදුවන දිනයක් ලෙස වාර්තා වී තිබෙන බවයි ශ්‍රී ලංකා පොලිසිය පවසන්නේ.

බොහෝ අපරාධකරුවන් මෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙම දිනය උගුලක් කර ගනිමින් තරුණ ජීවිත බිලි ගැනීමට සූදානම්ව සිටින බව නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා පොලිසියට වාර්තා වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ පිළිබඳව පොලිසිය කරන දැනුම් දීම පහතින් නැරඹිය හැකියි.