ශ්රී ලංකා වූෂු සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස විජිත් එදිරිසිංහ තේරී පත්විය.
ශ්රී ලංකා වූෂු සම්මේලනයේ නිලවරණය මීට සුළු වේලාවකට පෙර පැවති අතර එහිදී පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද 75ක් ලබාගත් විජිත් එදිරිසිංහ නව සභාපතිවරයා බවට පත්විය.
වූෂු සම්මේලනයේ ලේකම්වරයා බවට පත්වුයේ ඡන්ද 76ක් ලබාගත් කිස්තිරි සුබසිංහය.
උප සභාපතිවරුන් ලෙස ආනන්ද කුමාර, ලක්ශ්මන් කරුනාරත්න, ලසන්ත කුමාර, අජිත් කරුනාරත්න, ඩී.ඩී.ආර්. මධුමාදව පත්විය.
උප ලේකම්වරු ලෙස පත්වූයේ ශාන්ත ප්රනාන්දු සහ නිර්මල ප්රියශාන්තයි