චීන-ඇමරිකානු තාක්ෂණ සහයෝගීතා ගිවිසුම දීර්ඝ කෙරේ

චීන-ඇමරිකානු තාක්ෂණ සහයෝගීතාවේ මූලික හරය අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලැබීම බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේ, චීන-ඇමරිකානු තාක්ෂණ සහයෝගීතා ගිවිසුම දිර්ඝ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පසුගිය 13 වනදා දෙරට නියෝජිතයින් බෙයිජිං හිදී අදාළ අවබෝධතා ගිවිසුම හුවමාරු කර අත්සන් කරමින් “චීන-ඇමරිකානු තාක්ෂණ සහයෝගිතා ගිවිසුම ” 2024 වසරේ අගෝස්තු 27 වනදා සිට ඉදිරි වසර 5ක් දක්වා දීර්ඝ කර ඇත.

“චීන-ඇමරිකානු තාක්ෂණ සහයෝගිතා ගිවිසුම ” දීර්ඝ කිරීම, දෙරට නායකයන්ගේ හමුවීමේදී එළඹුණු එකඟතාවන් ක්‍රියාත්මක කිරීමේ වැදගත් පියවරකි. එය දෙරටේම ජනතාවගේ ජයග්‍රහණයන්ට අනුකූල වන අතර ජගත් ප්‍රජාවේ අපේක්ෂාවන්ට ද ගැලපෙන බව Lin Jian මහතා සඳහන් කළේය. අදාළ ගිවිසුම වඩාත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර, චීන-ඇමරිකානු තාක්ෂණ සහයෝගිතාව තුළින් ලබා ගන්නා ජයග්‍රහණ දෙරටට මෙන්ම සමස්ත ලෝකයටම ප්‍රතිලාභ ලබා දීම සඳහා ඇමරිකාව චීනය සමග එක්ව කටයුතු කිරීම චීනයේ අපේක්ෂාව බවද Lin Jian මහතා ප්‍රකාශ කර ඇත.