එජාප සම්මේලනයට සමගියෙන් රංජිත් ,කබීර් ,තිස්ස – සජිත් දෙන පණිවුඩය මෙන්න

එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයට සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක සහ කබීර් හෂීම් එක්වීමට නියමිත බව සමගි ජන බලවේගයේ ආරංචිමාර්ග අනාවරණය කරයි.

සමගි ජන බලවේගයේ නියෝජිත පිරිස පක්ෂ සම්මේලනයට සහභාගී වන්නේ විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ විශේෂ පණිවුඩක් රැගෙනය. රංජිත් මද්දුමබණ්ඩාර මහ ලේකම්වරයා විසින් එම පණිවුඩය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එම පණිවුඩයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්වීම පිළිබද සුබවාදී ප්‍රතිචාරයක් ඉදිරිපත් කර ඇති බවද දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.