United petrol සමාගම මෙරට සේවා ආරම්භ කරන්න සූදානම්

ඔස්ට්‍රලියාවේ, United Petroleum සමාගමේ නිලධාරීන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ හමුවක් අද (28) උදෑසන ඛනිජ තෙල් හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අතර පැවැත්වූ බව වාර්තා වේ.

එහිදී මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපර බලපත්‍ර, ගිවිසුම, රජයේ ප්‍රතිපත්ති, යටිතල පහසුකම්, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව ඔවුන් සාකච්ඡා කරනු ලැබිණ.
එම සමාගමේ නිළධාරීන් විසින් එළඹෙන සතියේදී මෙරට ව්‍යාපාර ආරම්භ කරන දින වකවානු පිළිබඳව දැනුවත් කරන බව පවසා සිටියේය.

එමෙන්ම මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, මුදල් අමාත්‍යංශයේ නිළධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙනුවෙන් නිලධාරීන්ද එක් වනු ලැබුණි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *