අදහාගත නොහැකි ලෙස දෙවන වරටත් සජිත්ගේ යාපනයේ රැලිය අවලංගු වෙයි

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක ජනහමුවක් අද (10) පෙරවරුවේ යාපනය උඩුපිටියේදී පැවැත්වීමට නියමිතව තිබුණත් අදාළ රැස්වීම අවලංගු කිරීමට පියවර ගෙන තිබුණා.

එම ජනහමුවට සෙනඟ ගෙන්වා ගැනීමට නොහැකි වූ නිසාවෙන් පෙරවරු 10 සිට සංගීත කණ්ඩායමක් ගීත වාදනය කරමින් සිටි බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් අද මධ්‍යහ්නය වනතුරු සෙනඟ රැස් කිරීමට සංවිධායකයන් අපොහොසත් වීම නිසා රැස්වීම අවලංගු කළ බවයි පැවසෙන්නේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ යාපනයේ පැවති ජනහමුව දෙවන වරටත් අවලංගු කර ඇති අතර යාපනය මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කර තිබෙනවා.