අරගලයට වසර දෙකයි – Black Cap Movement ගමන අවසන්

Black Cap Movement ආරම්භ වුණේ අඳුරු කාලයක බලාපොරොත්තුවේ ගිනි පුපුරක් වශයෙන් බව නිවේදනයක් නිකුත් කරමින් එහි දේශපාලන මණ්ඩලය පවසනවා.

දේශපාලනික වශයෙන් වෙනසක් කිරීම සඳහා ඔවුන්ගේ කැඳවීමට සම්බන්ධ වූ ජනතාවටද ඔවුන් ඔවුන්ගේ කෘතඥතාව පළකර තිබෙනවා.

ඒවගේම ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට, ජනාධිපතිවරයෙක් තම ධූරයෙන් පලවා හැරීමේ ජනතා ජයග්‍රණය සියලු දෙනා එකට එක්ව ලබාගත් බවත් ඔවුන් සඳහන් කරනවා.

ඔවුන් එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ,

”අප සංවිධානය නිර්මාණය වුයේ දේශපාලනිකව අඳ ගොළු බිහිරිව සිටි අයගෙන් නොවේ. සක්‍රිය දේශපාලන පුරවැසි නායකයන් සමුහයකිනි. ඔවුන් විවිධ දේශපාලන සහ සමාජ නැමියාවන් සහිත පිරිසක් වූ අතර ජනතා අරගලය තුල සියල්ලෝ එක් අරමුණක් වෙනුවෙන් කැපවිය. නමුත් අප දැන් ඒ සියලු අත් අත්හැර ඔවුන්ට අනන්‍ය වූ ගමන් මාර්ග යාමට නිදහස් කල යුත්තෙමු.

ඒ අනුව ගාලු මුවදොර අරගලයට වසර දෙකක් සපිරෙන අද දිනයේ අප අපේ සියලු සටන් සඟයන්ට ඔවුන්ගේ මාවත් වෙත යාමට Black Cap Movement සංවිධානය පුර්ණ වශයෙන් අවසන් කරන්නෙමු.

Black Cap Movement ගමන අප අවසන් කරන්නේ දුෂ්කර ජනතා අරගලය ප්‍රජාතන්ත්‍ර කිරීමටත්, ප්‍රචණ්ඩකාරී නොවීමටත් මග පෙන්වූ සිතියමත්, මාලිමාවත් වූ, රට ප්‍රතිසංස්කරණ මාවතට අවතීරණ කිරීමට දායක වූ පුරෝගාමී සංවිධානයක් ලෙසිනි.” බවයි