රනිල්ට සහය දෙන්න තවත් පොහොට්ටුවේ දෙදෙනෙක්

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්තත් තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය පළකරන බව පවසනවා.

ඒ මහතා එක්ස් සටහනින් පෙන්වා දෙන්නේ රට බේරාගත් ජනාධිපතිවරයාට ඉදිරියේදීත් සහායෝගය ලබාදෙන බවයි.

එසේම රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන බව ප්‍රකාශ කර තිබෙනවා.