බයියන්ගෙන් 50%කුත් ටොයියන්ගෙන් 50%කුත් එකතු කරගෙන මැද මාවතේ යන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය හඳුන්වා දිය හැකි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.
සමගි ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්රික් ප්රධාන කාර්යාලය විවෘත කිරීම එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන තුෂාර ඉඳුනිල් මහතාගේ හා කින්ස් නෙල්සන් මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා(26) පැවැත්වුණා.
එම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් විශාල පිරිසක් ද සහභාගි වී සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්රී තුෂාර ඉදුනිල් මහතා මෙසේ පැවසුවා.
“අපේ පක්ෂයේ දිරච්ච පොත්තක් පසුගියදා ගැළවිලා ගියා. අපේ පැරණි කියමනක් තියෙනවා කොට ගෑනීයි, මිටි හුඹහයි,විශ්වාස කරන්න එපා කියලා. මොකද මිටි හුඹහෙ නයි ඉන්නවා කියන්නේ භයානකයි. ඒ වගේම තමයි මිටි ගෑනිත් විශ්වාස කරන්න බෑ. තලතා නෝනට එදත් පුදුම හදිස්සියක් තිබුණේ, එක්සත් ජාතික පක්ෂයේ හිටපු කට්ටියක් අරන් එළියට ගිහිල්ලා සමගි ජන බලවේගය හදන්න. නෝනටත් වෙන්නේ සරත් ෆොන්සේකට, රාජිත සේනාරත්නට, වගේ දේශපාලන වශයෙන් තනි වෙන්න. ඒ නිසා අද ඒ අය රැස්වීම් තියෙනවා, සෙනඟ නෑ. තලතා නෝනටත් අපි දේශපාලන වශයෙන් විශ්රාම දිවියකට ආසිරි පතනවා ”.